Nov 22, 2019

උසස් පොලිස් නිලධාරීන් 16කට පත්වීම් සහ ස්ථාන මාරු

ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතාට මධ්‍යම සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව නැගෙනහිර පළාතේ රාජකාරී ආවරණයද පවරා තිබේ.

මීට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එල්.එස් පතිනායක, ඩබ්ලිව්.එම් .එම් වික්‍රමසිංහ, ආර්.එම්.එන්.ජී. ඕ පෙරේරා, ඊ.එම්.යු. වී ගුණරත්න, කේ.එන්.ජේ වෙදසිංහ, ඩී.ජේ පලිහක්කාර, එල්.කේ.ජේ.ජී එස්. පීරිස් සහ එල්.පී.එස්.පී සඳුන්ගහවත්ත යන මහත්වරුන්ට ස්ථාන මාරුවීම් සහ නව රාජකාරි පවරා ඇත.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධීකාරීවැරුන් පස් දෙනෙකු ද ස්ථාන මාරුවීම් කර තිබේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස මාරුකර යවා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top