OPEN

#

OPEN

#

Nov 22, 2019

ෆවුසිගේ මන්ත්‍රීධුරය අහෝසි කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනීප මූලස්ථානය ඊයේ (21) රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.

ඒ අනුව ෆවුසි මහතා මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට අද (22) දිනයේ ලිපියක් මගින් දැනුම් දීමට ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමට එක්වූ ෆවුසි මහතාට එරෙහිව පක්ෂය විසින් පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු වැරදිකරු වී ඇති බැවින් ඔහුගේ මන්ත්‍රීධූරය මෙසේ අහෝසි කිරීමට තීරණය කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top