Nov 22, 2019

හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංගට රට යන්න අවසර

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ලබන මාර්තු මස 13 වනදා දක්වා ඉවත්කරන මෙන් අභියාචනාධිකරණය අද (22) නියම කළේය.

දීපාලි විජේසුන්දර සහ රුවන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවේය.

ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ජනාධිපතිවරයා සමඟ ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා ඇරයුමක් ලැබී තිබෙන බැවින් අදාළ කාල සීමාව සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළේය.

ලලිත් වීරතුංග මහතා සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු අතර කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ 50ක දඩයක් නියම කර ඇති අතර එම තීන්දුවට එරෙහිව ලලිත් වීරතුංග විසින් අභියාචනාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top