Nov 26, 2019

හම්බන්තොට වරාය චීනයට බදුදීම අත්වැරැද්දක් - ගෝඨාභය

හම්බන්තොට වරාය අවුරුදු අනූනවයක බද්දට චීනයට ලබාදීම පසුගිය රජයේ අත්වැරැද්දක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා භාරත් ශක්ති (bharatshakti.in) වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා තිබේ.

අදාළ සම්මුඛ සාකච්ඡාව ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී Nitin A Gokhale සමඟ සිදුකර ඇති අතර එම bharatshakti.inඑය  "We Won’t Do Anything That Will Harm India’s Interests: Gotabaya” (ඉන්දියාවේ රුචිකත්වයට හානි කරන කිසිවක් අපි නොකරමු !) යන සිරස්තලය යටතේ පලකර තිබේ.

ඉන්දීය මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

රාජපක්ෂ මහතා ජනපතිවීමෙන් පසුව විදෙස් පුවත් සේවයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වේ.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් නැවත චීන රජය සමඟ සාකච්ඡා කරන බවයි.

ලෝක බලවතුන්ගේ බල අරගලයට මැදිවන්නට ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි ඔහු කියා සිටී.

ඉන්දීය අභිලාෂයන්ට එරෙහිව කටයුතු කළ නොහැකි බවද ඔහු කියා සිටී.

තමා නීති ගරුක පුද්ගලයෙන් බවත්, කිසිවිටක ජාතිවාදියකු නොවන බවත් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සබැඳි පුවත්
රනිල් ඉවත්වුණේ ඉන්දීය බලපෑමට?

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top