Nov 26, 2019

රාජ්‍ය ඇමතිකම් ශ්‍රීලනිපයේ පහෙන් තුනටයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිකරගත් මූලික එකඟතාවය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජ්‍ය අමාත්‍යධූර 5ක් ලබාදීමට එකඟව සිටියද මේවන විට ඒ සඳහා ලබාදීමට තීරණය කර ඇත්තේ තුනක් පමණක් බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ අනුව, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර හා ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන්ට අදාළ අමාත්‍යධූර ලබාදීමට නියමිත බවද පැවසේ.

මේ අතර, ‘පොහොට්ටු' පක්ෂයේ ප්‍රබලයින් වන ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද යාපා අබේවර්ධන, කාංචන විජේසේකර, සනත් නිශාන්ත, කනක හේරත්, රොෂාන් රණසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන්ද රාජ්‍ය ඇමැතිවරුන් ලෙස පත්වීමට ඉඩ ඇතැයි ද වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top