Nov 27, 2019

මීළඟ ගොදුර තම මාධ්‍ය ප්‍රධානී රුවන් බව මංගල කියයි

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ වත්මන් ආණ්ඩුව දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීම ආරම්භ කර ඇති බවයි.

ජනපතිවරණ මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාය සහාය දක්වූ යූ ටියුබ් අඩවියක් වන ‘http://TheLeader.lk’ හි ප්‍රවෘත්ති ප්‍රකාශකයා වූ සංජය දනුෂ්ක නැමැත්තා පැය 8 ක් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කර ඇති බවද එහි දැක්වේ.

එසේම තම මාධ්‍ය ප්‍රධානී රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා, මෙහි ඊළඟ ඉලක්කය විය හැකි බවද එහි දැක්වේ.

ෆර්ඩිනැන්ඩ් මහතා පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ද පෙරළාදැමීමට ප්‍රබලව ක්‍රියා කළ අයකු සේ සැලැකේ. 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top