Nov 28, 2019

වෙබ් මාධ්‍යවේදිනී තුෂාරා CIDයට කැඳවයි !

වෙබ් මාධ්‍යවේදිනී තුෂාරා සෙව්වන්දි මහත්මියට ප්‍රකාශයක් ලබා ගැනීමට යැයි කියමින් අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඇය මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ voicetube.lk වෙබ් අඩවිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බව පැවසේ.

තුෂාරා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ රුවන් ෆර්ඩිනැන්ඩස් මහතාගේ ලේකම්වරිය ලෙස ද කටයුතු කර තිබේ.

කෙසේවුවද, ඊයේ (27) හිටපු මුදල් අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂ මතධාරීන් දඩයම් කිරීම ආරම්භ කර ඇති බවත්, ඒ අනුව ඊළඟ ගොදුර සිය මාධ්‍ය ප්‍රධානී රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා විය හැකි බවයි.

මේ අතර, සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහය දැක්වූ ද ලීඩර් වෙබ් අඩවියේ ප්‍රවෘත්ති සංනිවේදක ලෙස කටයුතු කළ සංජය ධනුෂ්ක මහතා ද පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

සජිත් මගහැරලා?

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් විමසීමක් කිරීමට අප ඔහු දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

කෙසේවුවද, ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදුන් පක්ෂ නායකයන්ද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසට මන්ත්‍රීවරයා හමුවීමට හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට මේවන විට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වේ.

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top