Dec 02, 2019

කාසල් රෝහලේ බිල්ඩිමක් කඩා වැටීමේ අවදානමක Featured

බොරැල්ල, කාසල් වීදිය කාන්තා රෝහලේ ගර්භනී මව්වරුන් ඇතුලු රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්ටු අංක 9 පිහිටි ගොඩනැගිල්ලේ ස්ථාන රැසකින් බිත්ති පුපුරා ඉරිතලා ගොස් තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් රෝගීන්ගේ මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේද ජීවිත දැඩි අවධානම් තත්වයකට පත් වී ඇතැයි වාර්තා වේ.

ගොඩනැගිල්ලේ ඇතැම් ස්ථානවලට යකඩ ආධාරක යොදා ඇති ආකාරය ද දැකගත හැකි අතර එවන් අවධානම් තත්වයක් යටතේ ‍රෝගීන් තවමත් ප්‍රතිකාර ලබමින් සිටීමද විශේෂිතය.

එහි නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් පැවසුවේ මෙම වාට්ටු සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම හෝ යම්කිසි පිලියමක් ලබාදෙන තෙක් හෝ රෝගීන් වෙනත් වාට්ටු සංකීර්ණයක් වෙත යොමු කල යුතු බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top