Dec 02, 2019

99%ක් පවුල වෙනුවෙන් හිංසා ඉවසිය විය යුතු යැයි පිළිගනියි Featured

සිය පවුලේ එකමුතු භාවය වෙනුවෙන් තමන්ට එරෙහි හිංසා ඉවසා සිටිය යුතු බවට සියයට 99ක් වන ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා පුරුෂයන් පිළිගන්නා බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ශාඛාව අවධාරණය කරයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ දරුවන්ට මානසික හා සිතිවිලි කෙරෙහි වන බලපෑම පිළිබඳ සලකා හිංසන ඉවසා සිටිය යුතු බවට ශ්‍රී ලාංකිකයින් බොහොමයක් දෙනා විශ්වාස කරන බවයි.

කෙසේ වුවද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මූලික අයිතිවාසිකමක් බවද ලිංගිකත්වය පදනම් කරගත් හිංසනයට එරෙහිව සෑම අයෙකුම එරෙහි විය යුතු බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.

මේ අතර 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සුරැකීමට සෑම අයෙකුම බැඳී සිටියි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top