Dec 02, 2019

අජිත් ප්‍රසන්න ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක (වීඩියෝ)

පැහැරගැනීමට ලක්වූ බව පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය වහාම පොලීසියට කටඋත්තරයක් ලබාදිය යුතු බව පවසමින් ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා අද (02) කොළඹ පිහිටි ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය.

පැහැර ගැනීමට ලක්වූ බවට සඳහන් කළ නිලධාරිනිය තානාපති කාර්යාලය තුළ සඟවාගෙන සිටින බවත් මේ නිසා පොලිස් පරීක්ෂණවලට සහාය ලබාදීමට තානාපතිවරයා කටයුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

පැහැර ගැනීමට ලක්වූ බවට සිදුකරක ප්‍රකාශ අසත්‍ය බවට තහවුරු වෙමින් තිබෙන බවත් මෙම ප්‍රකාශ නිසා ශ්‍රී ලංකාව ඉදිරියේ අපකීර්තියකට ලක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top