Dec 03, 2019

හිටපු ඇමතිලා ආරක්ෂකයොත් ගෙදර තියාගෙන

පසුගිය රජයේ කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ලබා දී තිබූ ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් මෙතෙක් ඉවත් කර නොමැති බව වාර්තා වේ.

එම නිලධාරීන්ට ඉවත් වීම සඳහා ඇමැති ආරක්ෂක කොට්ඨාසයෙන් මෙතෙක් දැනුම් දීමක් සිදුකර නැතැයිද පැවසේ.

එහෙත් ඇතැම් හිටපු අමාත්‍යවරුන් ආරක්ෂක නිලධාරීන් යළි ඇමැති ආරක්ෂක කොට්ඨාසයට යොමු කර තිබේ.

මේ අතර ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සිටි පොලිස් නිලධාරීන් එකසිය අසූ හත් දෙනකු සහ ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ සිටි පොලිස් නිලධාරීන් දෙසිය හතක් ද ඇමැති ආරක්ෂක කොට්ඨාසයට මේ වන විට යොමු කර ඇත.

ඔවුන්ට ද දෛනික රාජකාරියක් නොමැතිව ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ රැඳී සිටින බව පැවසේ.

යහපාලන රජයේ මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව පන්සීයකට ආසන්න බවද මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top