Dec 03, 2019

භික්ෂුන්ට නාමයෝජනා දෙන්න එපා - ත්‍රෛනිකායික හිමිවරුන් Featured

කිසිදු භික්‍ෂූන්වහන්සේ නමකට ඉදිරි මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදෙන ලෙස ත්‍රෛනිකායට අයත් ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන්වහන්සේලා පිරිසක් ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙම භික්ෂූන් වහන්සේලා මේ වන විට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාද දැනුවත් කර ඇතැයි පැවසේ.

මෙසේ කිරීම සම්බුද්ධ ශාසනයට හානියක්

භික්‍ෂූන්වහන්සේලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන්, පළාත් සභා හෝ පළාත් පාලන ආයතන සභිකයන් ලෙස කටයුතු කිරීමෙන් සම්බුද්ධ ශාසනයට හානියක් සිදුවන බව උන්වහන්සේලා අගමැතිවරයාට පෙන්වා දී තිබේ.

මෙම ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකිරීමටද ඉදිරි මහ මැතිවරණයට පෙර සියලු ප්‍රධාන පක්ෂ නායකයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද එම ජ්‍යෙෂ්ඨ භික්ෂුන්වහන්සේලා සූදානම් වන බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top