Dec 03, 2019

හිරුණිකාගේ පැහැරගැනීමේ නඩුව මැයි දක්වා කල්යයි

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි මැයි මස 4 වැනිදා කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද (03) නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට ඇය අපේක්ෂා කරන බවද විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමක් ඉදිරිපත් කිරීමට විත්තිකාරියට හැකියාව තිබෙන බවත් කෙසේ වෙතත් නඩු විභාගයට තමන් සූදානම් බවත් රජයේ නීතිඥවරයා අධිකරණ දන්වා සිටියේය.

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියන්ත නමැති තරුණයෙකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top