Dec 03, 2019

හිටපු ඇමති ප්‍රියංකර අල්ලස් නඩුවෙන් නිදහස් වෙයි

හිටපු සිවිල් හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අල්ලස් චෝදනා දෙකකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (03) නියෝග කළේය.
අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ අනුමැතියකින් තොරව මෙම චෝදනා ගොනුකර ඇති බැවින් නඩුව ඉල්ලා අස්කරගැනීමට අවසර ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

2014 වසරේ මැයි මස 21 දා විත්තිකාර පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් මාරවිල පිහිටි ගම්බද කේටර්ස් නමැති සමාගමට ගෙවන ලෙස ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පෙළඹවිම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඒ මහතාට එරෙහිව ගොනු කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top