Dec 03, 2019

අමාත්‍යාංශවලට වාහන මිලදී ගැනීම තහනම්

අමාත්‍යාංශවලට හා රාජ්‍ය අමාත්‍යාංශවලට වාහන අලුතෙන් මිලදී ගැනීම තහනම් කිරීමට ජනපති ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමේ අරමුණ ඇතිව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.

යම් අමාත්‍යාංශයකට වාහන අවශ්‍යනම් ඒම අවශ්‍යතාව ජනපති ලේකම් කාර්යාලයේ ඇති අතිරික්ත වාහන වලින් ලබාදීමට වැඩසටහනක් සකස් කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top