Dec 04, 2019

පොහොට්ටුවේ කටකාර රංජිත් සමුගනියි!

රත්නපුර දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් රංජිත් සොයිසා අද (04) උදැසන අභාවප්‍රාප්තවී ඇත.

ඒ සිංගප්පුරු රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදීය.

සොයිසා මහතා මියයන විට 57 වියෙහි පසුවූ අතර, මන්ත්‍රීවරයා පසුගිය සති කිහිපයෙහි දැඩි හෘදයාබාධකින් පසුවීම නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු සිංගප්පුරුවට ගෙන ගොස් තිබිණ.

යහපාලන ආණ්ඩුව සමයේදී එම ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා දැඩි ලෙස විවේචනය කරමින් සතිපතා මාධ්‍ය හමු කැඳවූ රන්ජිත් සොයිසා මන්ත්‍රීවරයා 'පොහොට්ටු' පක්ෂය ආරම්භයත් සමග එහි සක්‍රිය ක්‍රියාකාරිකයකු ලෙස විශාල වැඩකොටසක් ඉටුකළ අයෙකි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top