OPEN

#

OPEN

#

Dec 05, 2019

තවුහීද් ජමාත් පුහුණුව ලැබූ 64ක් යළිත් රිමාන්ඩ්

ජාතික තවුහීද් ජමාත්  සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට  සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයින්  64 දෙනෙකු ලබන 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ. සී රිස්වාන් මහතා අද (05) නියෝග කළේය.
නුවරඑලියෙහි තිබූ ජාතික තව්හිද් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැකපිට අත් අඩංගුවටගත් කාත්තාන්කුඩියෙහි පදිංචි  කරුවන් පිරිසත් මෙසේ රක්ෂිත බන්ධනාගත කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද විමර්ශන වලින් පසු  මොවුන් සැකපිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top