Dec 05, 2019

රන්ජන් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ලියලා (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (05) වැනිදා සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටියේය.

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට පවතින (S) සාමාර්ථය (C) සාමාර්ථයක් බවට පත්කර ගැනීම වෙනුවෙන් ඔහු මෙසේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී තිබේ.

“මට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට තිබෙන්නේ S සාමාර්ථයක්. මට නීතිය ඉගෙන ගන්න සාමාන්‍ය පෙළට C සාමාර්ථයක තිබෙන්න ඕන.ඉතින් මම අද ඇවිල්ලා ඉංග්‍රීසි විෂය කළා. අනිත් ඒවා පාස්. මට තිබුණේ S සාමාර්ථයක්. මට C සාමාර්ථයක් එයි කියලා හිතනවා.නීතිඥයෙක් වෙන්න C සාමාර්ථයක් ඇති. උසස්පෙළ කරලා ඉවරයි. දෙසැම්බර් 26 ප්‍රතිඵල එනවා.”

පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයටද ඒ මහතා පෙනී සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top