Dec 05, 2019

මන්ත්‍රී විජිත් විජයමුණි නිදහස් පක්ෂයෙන් ඉවත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පක්ෂයෙන් ඉවත් කළ බව දන්වා මැතිවරණ කොමිෂන් සභාවට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද (05) වැනිදා ලිපි යොමු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි පක්ෂයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහතුවරුන්ගේ පක්ෂ සාමාජිකත්වයද ලබන සතියේ තහනම් කිරීමට සැලසුම් කර ඇතැයි පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ලබන සතියේ රැස්වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top