OPEN

#

OPEN

#

Dec 05, 2019

අවසන් තීන්දුව ගන්න එජාප සාකච්ඡා ඇරඹෙයි

පක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කාණ්ඩායම් රැස්වීම මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 03.00ට මෙම සාකච්ඡාව ආරම්භ විය.

විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව හා පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top