OPEN

#

OPEN

#

Dec 06, 2019

තනාපතිලා 30ක් යළි කැඳවයි !

දේශපාලන පත්වීම් ලබා විදේශීය තානාපතිවරුන් ලෙස දැනට සේවය කරන ශ්‍රී ලාංකික තිස් දෙනකුගේ සේවය අවසන් කර ශ්‍රී ලංකාවට යළි කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම 30 වැනිදා වන විට දිවයිනට පැමිණෙන ලෙස විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ලිපි මගින් ඊයේ (05) එම තානාපතිවරුන් දැනුවත් කර තිබේ. 
 
පසුගිය රජය විසින් දේශපාලන පත්වීම් මත මෙම තානාපතිවරුන් පත් කර ඇති බව පැවසේ.
 
ඔවුන් සේවය කළ කාලය නිසි අයුරින් රාජකාරි කටයුතු සිදු කර ඇත්දැයි විමර්ශනයක් සිදු කිරීමටද නියමිත බව මේ අතර වාර්තා වේ.
 
මෙම රටවල් සඳහා ජනවාරි මාසය අවසන් වීමට ප්‍රථම නව තානාපතිවරුන් පත් කිරීමට ද විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා බලාපොරොත්තුවෙන් සිටී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top