OPEN

#

OPEN

#

Dec 06, 2019

පන්සලේ සිද්ධියට මානව හිමිකම් නිලධාරියාට මරණ තර්ජන Featured

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියා දිස්ත‍්‍රික් විමර්ශන නිලධාරි රෝහිත ප‍්‍රියදර්ශන මහතාට මරණීය තර්ජන සහිතව ලිපියක් ලැබී ඇති බවට ඒ මහතා ඊයේ (05) වැනිදා වවුනියාව පොලිසියට පැමිණිලි කර තිබේ.
තැපැල් මගින් එවා ඇති එම ලිපියේ සඳහන් කොට ඇත්තේ මුලතිව් ගුරුකන්ද නීරාවි අඩි පිල්ලයාර් කෝවිලේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් විශාල පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ අවස්ථාවේදී ඒ වෙනුවෙන් රෝහිත ප‍්‍රියදර්ශන මහතා කිසිවක් නොකළ බවය.

සාධාරණයක් ඉටුකරන්නලු

පිල්ලයාර් කෝවිලේ අයිතිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙස මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව ඒ ගැන සොයා නොබලා ගුරුකන්ද විහාරයේ භික්‍ෂූන් වහන්සේට එහි වැඩ සිටීමට ඉඩ ලබා දුන් බවත් ඒ නිසා ප‍්‍රශ්න රාශියක් සිදුවූ බවත් ලිපිය මගින් දැනුම් දී ඇති අතර එහිදී සාධාරණය ඉටුනොකිරීම නිසා පරෙස්සම් වන ලෙසට රෝහිත පි‍්‍රයදර්ශන මහතාට තර්ජනය කොට තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් දේපළ ඉඩම් පැමිණිල්ලක් කිරීම මත අදාළ පාර්ශ්වයකට පවරා දීමට හැකියාවක් මානව හිමිකම් කොමිසමට නොමැති බවද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

සබැඳි පුවත්

මුලතිව් පන්සලේ ප්‍රශ්නය උඩු දුවයි, භාරකරුටත් පහරදීලා
 
මුලතිව් විහාරයේ CCTV කැමරා පොලිසියෙන් ගලවයි

මුලතිව් විහාරයේ අර්බුදය උග්‍රවෙයි, භික්‌ෂූන් වහන්සේලාට තර්ජන


ගුරුකන්ද විහාරයේ අයිතියට අලූතින් නඩු කියන්න වෙයි

අපේ කෝවිලේ පාරිශුද්ධත්වය අපවිත්‍ර කළා - ටි. රවිහරන්

උතුරේ නීතීඥයෝ වැඩ වර්ජනයක

ගුරුකන්ද විහාරයේ කෝවිලක් නම් කිරීමට අධිකරණ අවසරයක් !

පන්සල ඇතුලේ පොංගල් පොරය (ඡායා)
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top