OPEN

#

OPEN

#

Dec 06, 2019

ඇමති ප්‍රියංකරට අධිචෝදනා

දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (06) අධිචෝදනා ගොනුකර නඩු පවරනු ලැබීය.

2014 මැයි 21 වෙනිදා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකන් කේටරින් සර්විසස් සමාගමට අයත් රුපියල් තුන්ලක්ෂ තිස්දහසක මුදලක් මාරවිල ගම්බද කේටරින් ආයතනය වෙත ගෙවීමට ශ්‍රීලංකන් කේටරින් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා පෙළඹවීම ඇතුළු චෝදනා දෙකක් යටතේය.

එම නඩුව ගොනුකර ඇත්තේ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරිය පවසා සිටි අතර ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු වෙත ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදී තිබිණි.

ඒ අනුව දැනට රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතුකරන ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් යලි එම නඩුව ගොනුකර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top