OPEN

#

OPEN

#

Dec 06, 2019

අපනයන බෝග හා ගෘහ කර්මාන්ත ආයිත්තම් කිහිපයක් ආනයනය තහනම් Featured

මෙරට නිෂ්පාදනය කෙරෙන සුළු අපනයන බෝග වර්ග කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරදමුංගු සහ කරාබුනැටි යන සුළු අපනයන බෝගවර්ග මේ අනුව ආනයනය කිරීම තහනම් වනු ඇත.

මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සෘජු ප්‍රති අපනයනය සහ සුළු සැකසුම් කිරීමෙන් පසු සිදුකරන ප්‍රතිඅපනයනය මෙමඟින් නතර වනු ඇති බවත් අදාල කෘෂි නිෂ්පාදන වගාකරුවන් දිරිමත් වනු ඇති බවත්ය.

සුළු අපනයන බෝගවර්ග මෙරටට ආනයනය කිරීම තහනම් කරන ලෙස ඉල්ලා පසුගිය රජය සමයේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු ගොවි සංවිධාන රැසක් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබිණි. වෙනත් රටවලින් ආනයනය කරන ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝග මෙරට නිෂ්පාදන සමඟ කළවම්කර මෙරට ලේබලය යටතේ අපනයනය කිරීමෙන් මෙරට සුළු අපනයන බෝග වගාකරුවා ගැටලු ගනනාවකට මුහුණ දී සිටිය හ.

වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය පාලනය කරයි

මීට අමතරව වෙසක් කූඩු, සරුංගල් සහ හඳුන්කූරු ආනයනය කිරීම නියාමනය කිරීමට ද ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි ප්‍රාකාරව පියවර ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අදාලව නිකුත්කර තිබෙන ගැසට් නිවේදනයක් මගින් දක්වා ඇත්තේ කසල පිරිසැකසුම් සහ ප්‍රතිචක්‍රීකරණයට අදාල කිසිඳු ව්‍යාපෘතියක් සඳහා අවසර නොලැබෙන බවය.

එමගින් දේශීය ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ අමුද්‍රව්‍ය සමග, තත්ත්වයෙන් පහළ ආනයන ද්‍රව්‍ය කවලම් කර ප්‍රතිඅපනයන කිරීම වැළකෙන බව ද මුදල් අමාත්‍යංශය සඳහන් කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top