OPEN

#

OPEN

#

Dec 06, 2019

කාදිනල් හිමියන් ජනපති කොමිසමට කැඳවයි

කොළඹ පදවි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

සාක්ෂි ලබා දීම සඳහා අද (06) පස්වරු 02.00ට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස කාදිනල් හිමි වෙත දැනුම්දීමක් සිදුකර ඇත.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිෂන් සභාව වෙත ප්‍රහාර මාලාවට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබුණි.පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top