2000 වසරේ ජනවාරි මස 4 වනදා සහ 2001 වසරේ ජනවාරි මස 3 වනදා අතර කාලසීමාවේ පුද්ගලික සමාගමේ ගණකාධිකාරිවරයෙකු ලෙස සේවය කළ විත්තිකරු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් එම ආයතනයට අයත් රුපියල් 2199130/- ක මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා 19 ක් යටතේ නඩු පවරා තිබුණි.
නඩු විභාගය අතරතුරදී විත්තිකරු අධිකරණය මඟ හැර පලා ගිය අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.
මෙවැනි වරදවල් සිදුකරන සමාජයේ සිටින සෙසු පුද්ගලයින්ට ද ආදර්ශයක් විය හැකි තීන්දුවක් ලබා දිය යුතු බව සඳහන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් විත්තිකරුට මෙම දඬුවම් ප්‍රකාශයට පත් කරනු ලැබීය.