ඒ අනුව කිලෝ ග්රෑම් එකක බරින් යුතු කිරිපිටි පැකට්ටුවක් රුපියල් 40කින්ද ග්රෑම් 400 බරින් යුත් කිරිපිටි පැකට්ටුවක් රුපියල් 15කින්ද අඩු කිරීමට තීරණය වී තිබේ.
රජය විසින් වැට් බද්ද 8% දක්වා පහත දැමීම හේතුවෙන් මෙලෙස මිල අඩු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ලබන 09 වැනිදා සිට නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කරන කිරිපිටි සඳහා මෙම මිල ක්රියාත්මක බව අධිකාරිය කියා සිටියි.
දැනට වෙළෙඳපොළේ ඇති කිරිපිටි පැකට් පෙර මිලටම අලෙවි කළ යුතු බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.