OPEN

#

OPEN

#

Dec 07, 2019

බ්‍රිගේඩියර් ප්‍රියංක වැරදිකරුවෙයි, පවුම් 2400ක දඩයක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවෙන් ඔහු වරදකරු බවට පත්ව තිබේ.

ඊයේ (06) වැනිදා එහි තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කළේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩ මුදලක් නියම කරන බවය.

චූදිත බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩුව විභාගයට ගත් ජ්‍යෙෂ්ඨ දිස්ත්‍රික් විනිසුරු එමා ආර්බත්නොට් (Emma Arbuthnot) දුන් තීන්දුවෙන් ප්‍රකාශ වෙන්නේ යුද හමුදා නිලධාරියා එම චෝදනාවලට වරදකරු වෙන අතර ඔහුට රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් නොලැබෙන බවය.

මීට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කෙරුණද බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ කාර්යමණ්ඩලය අතර ඇති වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එම අධිකරණ වරෙන්තුව අවලංගු කළ බව වාර්තා වේ.

පසුගිය 2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියට එරෙහිව මෙම නඩුව විභාගයට ගැනිණ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top