OPEN

#

OPEN

#

Dec 07, 2019

අප්‍රේල් වල දැවැන්ත විදුලි අර්බුදයක්

මේ වසරේදී සහ ලබන වසරේදී ජාතික විදුලිබල පද්ධතියට එකතුවිය යුතු මෙගාවොට් 100 ක් පමණ වන අවශ්‍ය විදුලි ධාරිතාවය එක් නොවීමෙන් ලබන වසරේ අපේ‍්‍රල් - මැයි වන විට දිවයිනට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම විදුලි අර්බුදය ඇතැම් විට විදුලි කප්පාදුවක් දක්වා යා හැකි බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

විදුලිබල පද්ධතියට අමතර ධාරිතාවයක් එක්කළ හැකි සූර්යබල ශක්ති සහ සුළං බල ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බවද පසුගිය වසර 5ක කාලය තුළ සූර්ය විදුලිබල පද්ධති ක‍්‍රියාත්මක කිරීම අකර්මන්‍ය කිරීමට කටයුතු කර ඇති බවද පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top