OPEN

#

OPEN

#

Dec 07, 2019

ජවිපෙ මාලිමාවෙන්ම එයි

ඉදිරි මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව කටයුතු කළ සියලූම බලවේග ඒකරාශී කරගනිමින් මෙවර මහමැතිවරණයේදී  මාලිමාව ලකුණින් තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

ඉදිරි මහමැතිවරණයට මුහුණ දීම සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණය මේ වනවිටත් සකස් කර ඇති බවද ඔහු  මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top