සැකකරුවන් අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ පොලීසියෙන් මිදී පලා යාමට උත්සාහ කිරීමේදී අදාළ වෙඩි තැබීම සිදුකර තිබේ.
27 හැවිරිදි පශු වෛද්‍යවරිය පසුගිය 28 වැනිදා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින අතරතුර සැකකරුවන් ඇය සමූහ ලෙස දූෂණයට ලක් කර ඝාතනය කිරීමෙන් පසු සිරුර පුළුස්සා දමා තිබිණ.
මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව පසුගිය දින කිහිපයේම ඉන්දියාවේ ප්‍රදේශ රැසක ජනතාව වීථි බැස සැකකරුවන් තමන්ට භාර දෙන ලෙස ඉල්ලමින් විරෝධය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.