විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන අරමුදල් බෙදා හැරීම සඳහා හිටපු රජය එම ආයතනය සමඟ එකඟතාවකට පැමිණ තිබුණි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාවන්ට අනුකූලව හිටපු රජය විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ක්‍රියාමාර්ග අතර ඉන්ධන මිලසූත්‍රයක් ද විය.
කෙසේ වෙතත්, නව රජය එම මිල සූත්‍රය අවලංගු කර නව ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී මැනුවෙලා ගෝරෙට්ටි සන්ඩේ මෝර්නිං පුවත්පතට කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව නව රජය සමඟ තවමත් සාකච්ඡා පවත්වා නොමැති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට අවශ්‍ය බව නව රජය දැනටමත් පවසා තිබේ.