OPEN

#

OPEN

#

Dec 10, 2019

පොහොට්ටුවට බලය හිමි මැදවච්චියේ අයවැය පරාදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාලන බලය හිමි මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා වන අයවැය ලේඛනය ඊයේ (09) වැඩි ජන්ද හයකින් පරාජයට පත්ව තිබේ.

ඊයේ (09) පෙරවරු 10.00ට අයවැය ලේඛනය සභාපති හේරත් සේනාරත්න මහතා විසින් සභාගත කළේය.

අඩුපාඩුවලින් පිරි පිළිගත නොහැකි අයවැය ලේඛනයක් බැවින් ඒ පිළිබඳව ඡන්දය විමසීමක් කළ යුතු බව එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක වසන්ත රණතුංග මහතා සභාපතිවරයාට යෝජනා කළේය.
යෝජනාව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිමල් රූපසිංහ මහතා ස්ථිර කර තිබේ.

පසුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සුදේශ් මධුසංඛ මහතා විසින් රහස් ඡන්දයක් පැවැත්වීමට සභාපතිවරයාට කළ යෝජනාව අනුව එම පක්ෂයේම මන්ත්‍රීවරයකුවන සුජීව සෝමපාල මහතාගේ ස්ථිරත්වයෙන් මේ ඡන්ද විමසීම සිදු කර තිබේ.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද හතක් සහ විරුද්ධව ජන්ද දහ තුනක් ලැබී තිබේ.

මැදවච්චිය ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් නව දෙනකු,එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හය දෙනකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනකු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු, එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයකුගෙන් ගෙන් සමන්විතවේ.

අයවැය පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයා සභා ගැබේ නොසිටි බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top