OPEN

#

OPEN

#

Dec 11, 2019

උග්‍ර පොහොර හිඟයක් ! Featured

මෙවර මහ කන්නයේ එළවළු සහ අනෙකුත් භෝග සඳහා අවශ්‍ය පොහොරවල හිඟයක් පවතින බව වාර්තා වේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ මියුරියේට් ඔෆ් පොටෑෂ්, ට්‍රිපල් සුපර් පොස්පේට් යන පොහොර හා මිශ්‍ර පොහොරවල උග්‍ර හිඟයක් ඇති බවයි.

එළවළු, කුරුඳු, පොල්, බඩ ඉරිඟු, මුංඇට ඇතුළු වගාවන් රැසකට පොහොර හිඟය දැඩිව බලපා ඇති බව පොහොර ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා ජනාධිපතිවරණයට පෙර සමාගම් සතු සියලු පොහොර තොග බෙදා හරින ලෙස දැනුම්දීම නිසා පොහොර හිඟය උද්ගතව ඇති බව පොහොර ලේකම් කාර්යාලය පවසයි.

කෙසේවුවද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්නගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ පොහොර සම්බන්ධව දිවයින පුරා විශාල ගැටලුවක් නොමැති බවය.

කෘෂිකර්ම අමාත්‍යාංශය ඉකුත් රජය පැවැති සමයේ පෞද්ගලික ආයතනවලට අවශ්‍යතාවට අවිධිමත් ලෙස කටයුතු කිරීම මෙයට හේතුව බවට ද මේ වන විට චෝදනා එල්ලවී තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top