OPEN

#

OPEN

#

Dec 12, 2019

හිටපු ලේකම් අවසර දුන් කිතුල්ගල මිනිහයිඩ්‍රෝ එක නවත්වයි ! Featured

පරිසර අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුර දිසානායක මහතා විසින් අභියාචනා කැඳවීමක් මගින් අවසර ලබාදී ඇති කිතුල්ගල කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය අත්හිටුවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ අවදානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ ව්‍යාපෘතිය නිසා දැඩි පරිසර හානියක් සිදුවන බව පරිසර සංවිධාන පෙන්වාදී තිබිණි.

කෙසේවුවද, හිටපු ලේකම්වරයා මෙම අවසර ලබාදීමට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ ව්‍යාපෘතිය සඳහා මේ වන විට අදාළ ව්‍යාපාරිකයා විසින් යම් මුදලක් වැය කර තිබීම බවද පැවසේ.

කිතුල්ගල කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය තුන් වතාවක් යළි යළි ආරම්භ කිරීමට උත්සාහ කළද පරිසර අධ්‍යයන වාර්තාවලට අනුව එය අනුමත වී නොමැති බව පැවසේ.

2015 වර්ෂයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේදී මීට විශාල ජනතා විරෝධයක්ද එල්ලවී තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top