Dec 12, 2019

2020 සිට කැම්පස්වලට ළමයි අලුත් ක්‍රමයකට

රජයේ විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේදී දැනට දිස්ත‍්‍රික් මට්ටමින් ඉසෙඩ් අගය වෙනුවට පාසල් පදනම් කරගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 

ඒ සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අදාළ විෂය කෙෂ්ත‍්‍රය පිළිබඳ ප්‍රවීණයින්ගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කිරීමට ද තීරණය කෙරුණු බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙය මෙම වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හඳුන්වා නොදෙන බව කී ඇමැතිවරයා 2020 වසරේ සිට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වර්ධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අලහප්පෙරුම මහතා කීවේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top