Dec 17, 2019

NGO පාලනය ආරක්‍ෂක අමාත්‍යංශයට  

මෙරට ජාතික ආරක්‍ෂාවට හා දේශපාලන කටයුතු වලට සෘජුව මැදිහත්වූ රාජ්‍ය නොවන සංවිධාන 1499ක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනයට ගෙන ඇතැයි වාර්තා වේ.

මේ රාජ්‍ය නොවන සංවිධාන වලට පසුගිය කාලයේ විශාල ලෙස අරමුදල් ලැබී ඇතත් එම මුදල් වැය කළේ කුමන ව්‍යාපෘතිවලට දැයි හෙළිකර නොමැති බවද පැවසේ.

කොළඹ රාජ්‍ය නොවන සංවිධාන 4කට පසුගිය වසරවල රුපියල් මිලියන 672ක අතිවිශාල මුදල් සම්භාරයක් ලැබී ඇත.

මේ අතර උතුරු ප‍්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධාන 15කට අධික සංඛ්‍යාවක් රජයේ ලියාපදිංචි කිරීමකින් තොරව කි‍්‍රයාත්මක වන බව හෙළිවී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top