Dec 26, 2019

STF පනහකට යුද අපරාධ චෝදනා Featured

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 50 කට යුද අපරාධ චෝදනා එල්ල කරන රහස් වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇතැයි දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය මහතා විසින් මේ පුවත වාර්තා කර ඇති අතර මෙසේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ලවූ පළමු වතාව මෙය බවද එහි දැක්වේ.

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

එම ලියවිල්ල සඳහා එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා මහත්මිය විසින් එම නිලධාරීන්ගේ නම් ඇතුළත් කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට එරෙහිව සිරකරුවන් ඝාතනය කිරීම ඇතුළු චෝදනා රැසක් එම වාර්තාව මගින් එල්ල කර ඇත.

එම පොලිස් නිලධාරීන්ට එරෙහිව 30 කට අධික පිරිසක් යස්මින් සුකා මහත්මියට සාක්‍ෂි ලබාදී ඇති බව කියයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top