ඒ සඳහා පක්ෂ දෙකේම මහ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් 02 ක් පත්කර තිබේ.
එම කණ්ඩායම් සැම සති දෙකකටම වරක් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත අතර, පක්ෂ දෙක අතර පැන නගින ගැටලු සම්බන්ධයෙන් එහිදී වැඩි වශයෙන් අවධානයට යොමු කෙරෙනු ඇත.
මේඅතර, ආණ්ඩුව අපහසුතාවයට පත් වන ආකාරයේ අදහස් කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පිටතදී ප්‍රකාශ නොකරන ලෙස ජනාධිපතිවරයා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා එසේ පැවසුවද, පසුගියදා ඔහු නාරාහේන්පිට අභයාරාමයේදී සිදුකල ඇතැම් ප්‍රකාශ ආණ්ඩුවේ සමගියට බාධාවක් බවට ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ම චෝදනාවට ලක්ව ඇත.