Dec 27, 2019

AL ප්‍රතිඵල අද නිකුත් වෙයි !

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිඵල පරිගණක ගත කිරීම සිදු කරමින් පවතින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසීය. කමිටු තුනක් විසින් ප්‍රතිඵල ලේඛන නැවත පරීක්ෂා කිරීම් ඊයේ (26) සිදු කර ඇත. 

මෙලෙස ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සිදු කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කළ මහාචාර්යවරයකුගෙන් සමන්විත කමිටුවක් සහ විභාග දෙපාර්තමේන්තුවේ කමිටු දෙකක් මගිනි.

මෙවර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 05 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්විණි. 

ඒ මධ්‍යස්ථාන 2678 කදීය. ඒ සඳහා පෙනී සිටි අයැදුම්කරුවන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්හත්දහස් හත්සිය හතරකි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top