Jan 06, 2020

SPC හිටපු සභාපතිට ඇප

ඉකුත් ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනයට තුඩු දුන් සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලයින් දෙදෙනා සහ එම සිද්ධියට මූල්‍ය අනුග්‍රහය ලබාදුන් බව කියමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන තිදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වො (06) නියෝග කළාය.

එමෙන්ම ඔවුන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේනම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු බවටද නියෝග කෙරිණි.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය රහස් පොලිසිය අමතමින් රූමි මොහොමඩ් නමැති සැකකරුට එල්ල කර තිබෙන චෝදනා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත නොහැකි සංඥය නොවන වැරදි බව පෙන්වා දුන්නේය.

එසේනම් මෙම සැකකරු පොලිසියට ඉදිරිපත් වූ අවස්ථාවේ අධිකරණයේ නියෝගයකින් තොරව මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ කෙසේදැයි මහේස්ත්‍රාත්වරිය විසින් රහස් පොලිසියෙන් විමසනු ලැබුවේය.

එම අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට කියා සිටියේ අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ තමා නොවන බවයි.මහෙස්ත්‍රාත්වරියගේ ප්‍රශ්නයට රහස් පොලිසිය විසින් ද කිසිදු පිළිතුරක් ලබා නොදුන්නේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top