Jan 11, 2020

2019දී සංචාරකයන් ආවේ ලක්ෂ 20යි : අඩුවීමට හේතුව පාස්කු ප්‍රහාරයයි ! Featured

පසුගිය 2019 වසරේදී ලක්ෂ 20 කට ආසන්න සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේදී සංචාරකයින් 19 ලක්ෂ 13,702 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එය 2018 වසරට සාපේක්ෂව සියයට 18ක අඩුවීමක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය වසරේ අප්‍රේල් (21) වැනිදා එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සංචාරකයින්ගේ පැමිණිම අඩු වීමට මූලික හේතුවක්වී ඇති බවද පැවසේ.

2018දී ලක්ෂ 23යි

2018 වසරේදී සංචාරකයින් 23 ලක්ෂ 33,796 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

2019 වසරේ පළමු මාස 3 තුළ සංචාරකයින් මෙරටට පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කළද අප්‍රේල් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ සංචාරකයින්ගේ පැමිණිම 2018 වසරට සාපේක්ෂව අවම මට්ටමක පැවතී ඇති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top