කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තිබී කටුනායක වෙත පසුගිය ඔක්තෝබර් මාසයේදී ගෙන ගිය කාර්යාල පරිශ්‍ර අතරින් සභාපතිවරයාට හා විධායක නිලධාරියාට අලුතින් සියලු පහසුකම් සහිත කාර්යාල සකස් කර තිබියදී අලුතින් මෙම නාස්තිකාර වියදම කරන බව හෙළිවී ඇත.
ලබන අඟහරුවාදාට කලින් මෙම කාර්යාල දෙක ගුවන් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට අදාළ දූෂිත නිලධාරියා යෝජනා කර ඇතැයි ආරංචි මාර්ග කියයි.
ඔක්තෝබර් මාසයේ මෙම ප්‍රධානීන් දෙදෙනාට සියලු පහසුකම් සහිතව සකස් කරදුන් කාර්යාල දෙක අලුතින් කාර්යාල ඉදිකරන තැනට මීටර් පනහක් නුදුරින් පිහිටා තිබීම විශේෂිතය.
තමාට අහිමි වූ තනතුර යළි ලබාගැනීමට ලොක්කන්ගේ ලකුණු දමාගැනීමේ අරමුණින් මෙම කාර්යාල ඉදිකරමින් රජයේ මුදල් නාස්තිකාර ලෙස වියදම් කරන බවද හෙළිවී ඇත.