OPEN

#

OPEN

#

Jan 14, 2020

ෂාෆිගේ වඳ සැත්කම් ගැන CIDයෙන් යළි පරීක්‍ෂණ Featured

කුරුණෑගල රෝහලේ ප්‍රසව සහ නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි විසින් කාන්තාවන් ව්‍යන්ධකරණයට ලක් කරන ලද බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අලූතින් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අගතියට පත්වූ මවුවරුන්ගෙන් සහ රෝහල් කාර්ය මණ්ඩලයෙන් නැවත ප‍්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

වෛද්‍ය ෂාෆි සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට පත්වූ බව කියමින් සිංහල ජාතික මවුවරුන් 1200කට අධික පිරිසක් කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින් විමර්ශන පැවැත්වූවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා, පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පා ඇතුළු නිලධාරීන් පිරිසක් විසිනි.

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ෂාෆි ෂෙහෙබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව සිදුකරන විමර්ශන කටයුතු සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායක් පත් කරන ලදී.

වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව ලබන 16 වැනිදා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top