OPEN

#

OPEN

#

Jan 14, 2020

ඉරාජ්ගේ පත් කිරීම ගැන ජනපතිට පැමිණිලි !

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ජනප්‍රිය හිපොප් ගායකයකු වන ඉරාජ් වීරරත්න මහතා පත්කිරිමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේවන විට ජනපතිවරයාට පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ.

එසේම සමාජ මාධ්‍ය තුළ ද මේ පත් කිරීම දැඩි ලෙස විවේචනයට ලක්කර තිබේ.

සංචාරක සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඒ පිළිබඳව දන්වමින් ඉරාජ් වීරරත්න මහතා වෙත ලිපියක්ද යොමුකර තිබේ.

අදාළ ලිපිය පහත දැක්වේ.

Iraj 002

මෙම පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වෙයි.

වීරරත්න මහතා මේ තනතුර භාර ගන්නේද යන්න පිළිබඳව සඳහන් කරන ලෙසත්, අමාත්‍යවරයා සිය ලිපියෙන් දන්වා ඇති අතර මේවන විට පැනනැගී ඇති තත්ත්වය මත වීරරත්න මහතා අදාළ තනතුර භාර නොගැනීමට තීරණය කර ඇති බවද පැවසේ.

සමාජ මාධ්‍යයේ මේ සම්බන්ධයෙන් පලව ඇති පෝස්ට් කිහිපයක් පහත දැක්වේ.

Iraj 005

Iraj 004

Iraj 001

Iraj 003

Iraj 006

Iraj 007

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top