OPEN

#

OPEN

#

Jan 15, 2020

ඉරාජ්, පේෂලලා සමඟ එක්ව ජනපති අසරණ කරයි ! Featured

හිපොප් ගායක ඉරාජ් වීරරත්න මහතාට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ධූරයක් ලබාදීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තීන්දුවක් ගැනීමට නොහැකිව අසරණව ඇතැයි වාර්තා වේ.

ඒ ඉරාජ් මහතාගේ මිතුරෙකු වන පේෂල මනෝජ් ඇතුළු පිරිසක් ඉරාජ් උගතෙක් ලෙස දක්වමින් ගෙනයනු ලබන ෆෙස්බුක් ප්‍රචාරක ව්‍යාපාරයන් නිසාය.

ජනාධිපති ෆෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණයට තරග කරන අවස්ථාවේද ඒ මහතාගේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ වැඩ මෙහෙයවනු ලැබුවේ මොවුන් විසිනි.

Iraj Peshala 001

කෙසේවුවද, ඉකුත් ආණ්ඩු සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ව්‍යාපාරවල ප්‍රවර්ධන උත්සව සංවිධානය කළ වීරරත්න මහතාගේ සහෝදරිය වන අනුෂිකා රිෂ්නි වීරරත්න සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය කටයුතු කර තිබිණි.

ඒ පොදු රාජ්‍ය මණ්ඩලීය 2018 ක්‍රීඩා උළෙල හම්බන්තොටට ලබා ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ‘සෙන්ට් කිට්ස්’ හි පවත්වන ලද උත්සව සංවිධාන කිරීමේදී සිදු කළ මූල්‍ය අක්‍රමිකතා සොයා බැලීම සඳහාය.

ඒවා සංවිධානය කර තිබුණේ රිශිනිගේ ‘රෙඞ් චෙරී’ ආයතනය විසින් බව පැවසේ.

රිෂ්නි, ‘ඉල් නොයිස් එන්ටර්ටේන්මන්ට්’ (ILL NOIZE Entertainmnet) ආයතනයේද අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කර තිබිණි.

එසේම ඇය විසින් සෙන්ට් කිට්ස් වෙත රැගෙනගිය නාමලී නැමැති රාත්‍රී සමාජ ශාලාවල නර්තනයේ යෙදුණු තරුණියක් සම්බන්ධයෙන්ද තොරතුරු සෙවීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භකර තිබුණු බව එකල වාර්තා විය.

රිෂ්නි, නාමල්ගේ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ අධ්‍යක්ෂවරියක් ලෙසටද කටයුතු කර තිබිණි.

‘රෙඞ් චෙරී’ ආයතනය වෙත සෙනට් කිට්ස්හි උත්සවයේ සංවිධාන කටයුතු ලබාදී තිබුණේ ඊට පෙර ලංකාවේ ‘අයිෆා’ උළෙල සංවිධානය කළ ඉන්දියාවේ ‘විෂ්ක්‍රාෆ්ට්’ (Wizcraft International Entertainment Pvt. Ltd.) ආයතනයට එම උළෙලේ සංවිධාන කටයුතු ලබාදීමට තීන්දුකර තිබියදී බවද එකළ වාර්තා විය.

රිෂ්නි වීරරත්න හා ඉරාජ් වීරරත්න ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයකු වන ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ දියණිය හා පුත්‍රයාය.

වීරරත්න මහතාට පක්ෂව හා විපක්ෂව පලව ඇති සමාජ මාධ්‍ය පෝස්ට් කිහිපයක් පහත දැක්වේ.

සබැඳි පුවත්
ඉරාජ්ගේ පත් කිරීම ගැන ජනපතිට පැමිණිලි !

Iraj Peshala 002

Iraj Peshala 003

Iraj Peshala 004

Iraj Peshala 005

Iraj Peshala 006

Iraj Peshala 007

 

Iraj Peshala 009

Iraj Peshala 011

Iraj Peshala 012

Iraj Peshala 014

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top