Jan 15, 2020

ඇවන්ගාඞ් සභාපති ලඟ රන්ජාගේ රෙකෝඩ්ස් පරදන හඬපට පෙළක් (වීඩියෝ) Featured

පසුගිය රජයේ ඇතැම් ප්‍රබල අමාත්‍යවරුන් ඔවුන්ගේ ඥාතීන් හා සම්බන්ධීකරණ නිලධාරීන් කෝටි ගණනක මුදල් කප්පම් වශයෙන් ලබාගත් ආකාරය සටහන් වූ හඬපට රැසක් තමා සන්තකයේ පවතින බව ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

තමන්ගේ බිරිඳ සහ දරුවා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නේ යයි තමන් භීතියට පත් කරමින් ලබා ගත් මිලියන 500 ක් පමණ වන මුදල ඔහු නම් ගම් සහිතව හෙළි කර ඇති බවද පැවසේ.

එම කප්පම් මුදල් ඉල්ලීම සඳහා තමන්ට ලබාදෙන ලද දුරකතන ඇමතුම් සියල්ලද ඒ මහතා විසින් පටිගත කර ඇති බව වාර්තා වේ.

පසුගිය රජයේ අවසාන දිනකිහිපය තුළදී රිමාන්ඩ් භාරයට පත්කිරීමෙන් පසු මේවනවිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටින ඒ මහතා ඉහත කාරණය සඳහන් කළ බව ඔහුගේ ‍ෆේස්බුක් පිටුව ටැග්කර පෝස්ටුවක් පළකර ඇත.

එම ෆේස්බුක් පෝස්ටුව බැලීමට මෙතනින් පිවිසෙන්න.

අදාල වීඩියෝව නැරඹීමට මෙතනින් පිවිසසෙන්න.

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top