එම චක්‍රලේඛයට අනුව සභාපතිවරයා සඳහා මාසිකව ලබාදිය යුත්තේ ඉන්ධන ලීටර් 150ක් පමණි.
අධ්යක්ෂ මණ්ඩලය සාමාජිකයන් සඳහා මාසිකව රුපියල් 25,000ක දීමනාවක් ලබාදිය යුතු අතර වෙනත් කිසිදු දීමනාවක් නොලැබෙන බව සඳහන් වේ.
රාජ්‍ය ආයතනවල මෙතෙක් පැවැති ක්‍රියාකාරී අධ්යක්ෂ තනතුරු අහෝසි කර ඇත.
අවශ්‍ය නම් පමණක් ක්‍රියාකාරී අධ්යක්ෂවරයකු පත් කළ හැකි වෙයි.
සභාපතිවරුන් සඳහා භාවිත කළ හැකි වන්නේ එක් නිල රථයක් පමණයි.රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ආයතන අවම වියදමකින් පවත්වාගෙන යා යුතු බව ජනාධිපති කාර්යාලය උපදෙස් ලබාදී තිබේ.
සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සඳහා නව පරිශ්‍ර ලබානොගත යුතු වෙයි.
ජනාධිපති කාර්යාල ලබාදී ඇති උපදෙස්වලට අනුව සියලුම නිලධාරීන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව එම චක්රලේයෙ කියයි.
රාජ්‍ය ආයතන 300ක් සඳහා සභාපතිවරු හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කෙරුණේ විශේෂ කමිටුවක් මගින්ය.
සභාපති පොරේ අඩු කරන්නයි හොරේ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හා ජනපති ගෝඨාභය රජපක්ෂ මහතාට සහය දක්වන ලද පිරිස් අතර රාජ්‍ය ආයතන සභාපති ධූර හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකකම්වලට ඇති පොරය අවම කිරීම සඳහා මේ පියවර ගෙන ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
නව තත්ත්වය මත සභාපති හා අධ්යක්ෂ තනතුරු සඳහා අදාළ කොන්දේසි වලට අනුව අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන්ට මීට වඩා වැඩි වැටුපක් ලැබෙන රැකියා පුද්ගලික අංශයෙන් සොයාගත හැකි බවද පැවසේ.