OPEN

#

OPEN

#

Jan 15, 2020

ඉන්ධන මිල වැඩි කරන ලෙස ඛනිජතෙල් සංස්ථාව ඇමතිගෙන් කියයි

වහාම ඉන්ධන මිල වැඩි කිරීමට හෝ නොඑසේ නම් ඉන්ධන ආනයනයේදී අය කරන බදු අඩු කළ යුතු බව ඛනිජතෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන් විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අවධාරණය කර තිබේ.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් දහයක පාඩුවක් සිදුවන බව ඛනිජතෙල් සංස්ථාව විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ක්‍රියාත්මක කළ යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්විණි. 

පෙට්‍ර්ල් බැරලයක් ඩොලර් 8කින් හා ඩීසල් ඩොලර් 8.5කින් වැඩිවෙලා

පෙට්‍ර්ල් බැරලයක් ලෝක වෙළෙඳපොළේ ඩොලර් 8කින් වැඩිවී ඇති බවද ඩීසල් බැරලය ඩොලර් 8.5කින් වැඩිවී ඇති බවද සංස්ථාවේ ඉහළ නිලධාරීන් සඳහන් කර තිබේ.

භූමිතෙල් බැරලයක් ඩොලර් 5කින්ද සුපරි ඩීසල් බැරලයක් ඩොලර් 6කින්ද ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් තිබේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල සංශෝධනයක් සිදුවී නොමැති බව මෙහිදී අනාවරණය විය.

ජනතාව පීඩාවට ලක් කිරීමේ කිසිම සූදානමක් නෑ

මෙහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වුවද එමගින් ශ්‍රී ලාංකික ජනතාව පීඩාවට ලක් කිරීමේ කිසිම සූදානමක් නොමැති බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top