OPEN

#

OPEN

#

Jan 16, 2020

ඝෝෂාකාරී බස් වැටලීම අද සිට

අද (16) සිට ඝෝෂාකාරී සංගීතය වාදනය කරන පුද්ගලික බස් රථ වැටලීම සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

සුභාවිත ගීත 1000ක් ඇතුළත් සංයුක්ත තැටිය ලබාගැනීමට දී තිබූ කාලය ඊයේ (15) වැනිදායින් අවසන් විය.

ඒ අනුව තවදුරටත් මහජවතාවට අවහිර වන පරිදි එවැනි සංගීතය ප්‍රචාරය කරන බස් රථ හඳුනාගැනීම සඳහා අද සිට කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව කොමිසම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් 1955 ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි යොමුකිරීමට මගීන්ටද අවස්ථාව හිමිවේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top